Posts

Showing posts from April, 2024
STEM අධ්‍යාපනය සහ ශ්‍රී ලාංකාව   STEM අධ්‍යාපනය යන්නෙන් අදහස් වන්නේ විද්‍යාව , ගණිතය , ඉංජිනේරු විද්‍යාව සහ තාක්ෂණය පිළිබද අධ්‍යාපනයයි. සියළුම සිසුන්ට නිර්මාපී චින්තන හැකියා, නිර්මාණශීලීව ගැටළු විසදීමේ හැකියා ලබා දීම, නවෝත්පාදනය සහ ආර්ථික වටිනාකමක් ඇති මිනිස් ශ්‍රමය පාසල් අධ්‍යාපනය තුළින් ගොඩනැගීම මෙම අධ්‍යාපන ක්‍රමය තුළින් බලාපොරොත්තු වේ . STEM අධ්‍යාපනයේ මුලිකාංග වන්නේ, ·        විවේචනාත්මක චින්තනය , ·        නිර්මාණශීලී ගැටලු විසදීම සහ ·        ආර්ථික ටටිනාකමක් ඇති වැඩකරන ජනතාවක් නිර්මාණයි කිරීම ය.   ස්ටීම් (STEAM) යන පදයේ පළල් අර්ථයෙන් ගත් විට , එමගින් අපේක්ෂා කරනුයේ ශිෂ්‍යයා ද ගුරුවරයා ද කිසියම් සංසිද්ධියක් (Phenomena) හෝ ක්‍රියාකාරකමක් (Activity) දෙස එක් කෝණයකින් පමණක් නො බලා විවිධ කෝණවලින් එම සංසිද්ධිය හෝ ක්‍රියාකාරකම තේරුම් ගැනීමට යත්න දැරීමකි. ස්ටීම් යනු නිර්දිෂ්ඨ විෂයමාලාවක් නො වේ. ප්‍රවේශයකි. කුතුහලය අවුස්සා , ප්‍රශ්න ඇසීමට යොමු කර , නිර්මානාත්මකභාවය පුබුදාලීම මගින් ගැටලු...