STEM අධ්‍යාපනය සහ ශ්‍රී ලාංකාව 

STEM අධ්‍යාපනය යන්නෙන් අදහස් වන්නේ විද්‍යාව, ගණිතය, ඉංජිනේරු විද්‍යාව සහ තාක්ෂණය පිළිබද අධ්‍යාපනයයි. සියළුම සිසුන්ට නිර්මාපී චින්තන හැකියා, නිර්මාණශීලීව ගැටළු විසදීමේ හැකියා ලබා දීම, නවෝත්පාදනය සහ ආර්ථික වටිනාකමක් ඇති මිනිස් ශ්‍රමය පාසල් අධ්‍යාපනය තුළින් ගොඩනැගීම මෙම අධ්‍යාපන ක්‍රමය තුළින් බලාපොරොත්තු වේ . STEM අධ්‍යාපනයේ මුලිකාංග වන්නේ,

·       විවේචනාත්මක චින්තනය,

·       නිර්මාණශීලී ගැටලු විසදීම සහ

·       ආර්ථික ටටිනාකමක් ඇති වැඩකරන ජනතාවක් නිර්මාණයි කිරීම ය.

 

ස්ටීම් (STEAM) යන පදයේ පළල් අර්ථයෙන් ගත් විට, එමගින් අපේක්ෂා කරනුයේ ශිෂ්‍යයා ද ගුරුවරයා ද කිසියම් සංසිද්ධියක් (Phenomena) හෝ ක්‍රියාකාරකමක් (Activity) දෙස එක් කෝණයකින් පමණක් නො බලා විවිධ කෝණවලින් එම සංසිද්ධිය හෝ ක්‍රියාකාරකම තේරුම් ගැනීමට යත්න දැරීමකි. ස්ටීම් යනු නිර්දිෂ්ඨ විෂයමාලාවක් නො වේ. ප්‍රවේශයකි. කුතුහලය අවුස්සා, ප්‍රශ්න ඇසීමට යොමු කර, නිර්මානාත්මකභාවය පුබුදාලීම මගින් ගැටලුව විසඳීමට උනන්දු කරවීම මෙහි අරමුණයි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය,  2018 දී පෙන්වා දී ඇති පරිදි STEM අධ්‍යාපනය යනු, ජාතික තිරසර සංවර්ධනයක් සදහා නිර්මාණශීලී නවොත්පාදකයෙක් බිහි කිරීමට විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය ජීවන නිපුණතාවක් ලෙස ඉගැන්වීමට  සහ එම විෂය පිළිබද ව සිසුන් තුළ ළැදියාවක් ඇති කිරීමට අදාළ කර ගත හැකි බහු විධ සමෝධානික ප්‍රවේශයකි .

නමුත් ඇත්ත වශයෙන්ම ලෝකයේ STEM අධ්‍යාපනය ආරම්භ වී ඇත්තේ කාර්මික පුනරුදයත් සමගයි. තෝමස් අල්වා එඩිසන් විදුල් බල්බය සොයා ගැනීමත් සමගම ලෝකයේ STEM අධ්‍යාපනයආරම්භ වු බව පැවසිය සැකිය. නිර්මාණශීලී  චින්තනය සහ නවෝත්පාදන හැකියා ඇති වැඩි දෙනෙකු ඉහල අධ්‍යාපන සුදුසුකම් ඇති  පුද්ගලයන් හෝ පාසලේ සාර්ථක යයි පිළිගත් සිසුන් නොවේ. ලෝකයේ සිදුවූ යෝධ නවෝත්පාදනයන් සහ තාක්ෂණික පිබිදීම ඔස්සේ  STEM අධ්‍යාපනය ගොඩනැගුන බව පැවසිය හැකිය. දෙවන ලෝක යුද්ධය මෙන්ම සෝවියට් දේශයේ සහ ඇමරිකාවේ අභ්‍යවකාශ වැඩසටහන් ද STEM අධ්‍යාපනය සදහා විශාල දායකත්වයක් ලබා දී ඇත. විද්‍යාඥයන් ගණිතඥයන් සහ ඉංජිනේරුවන් යුද හමුදාවල තාක්ෂණික නිලධාරීන් සමග කරන ලද විශාල කැපවීම නිසා ලෝකයට විශාල නව නිපයුම් ප්‍රමාණයක් ලැබී ඇත. මේ අනුව පැහැදිළි වන්නේ STEM අධ්‍යාපනය යනු  පාසලේ සිටින සියළුම මට්ටම්වල සිසුන් රටේ ශ්‍රමබලකායට එකතුකර ගැනීමට හැකිවන සංකල්පයක් බවයි.

            හතර වන කාර්මික පුනරුදයත් සමග අනාගත ලෝකයේ ගැටළු විසදීම සදහා නිර්මාණශීලී මානව සම්පත් සංවර්ධනය සදහා ආර්ථිකව, සමාජීයව, සංස්කෘතිකව , පාරිසරිකව සහ අධ්‍යාපනිකව වෙනසක් සිදුවිය යුතු බව 2016 ලෝක ආර්ථික සමුළුවේ දී  ප්‍රකාශකර ඇත.  මෙම වෙනස සිදු කිරීමට කොරියන් රජය STEAM අධ්‍යාපනය හදුන්වා දී ඇත. කොරියාවේ අධයාපනයේ දී ගණිතය, විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ තාක්ෂණයට අමතරව කලාව ද සමෝධානය කර ඇත. කලාව ද සමෝධානය කිරීම මගින් බලාපොරොත්තු වන්නේ දැනුම, ආකල්ප, කුසලතා පමණක් නොව සාර්ථක සමාජ පද්ධතියක් ගොඩනැගීම සදහා සාමාජීය සහ පෞරුෂ ලක්ෂණ සිසුන්ට ලබා දීමයි. මේ මුගික අරමුණ පෙරදුරිකර ගැනීමේ දී පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාවට ද STEAM අධ්‍යාපනය එනම් ගණිතය, විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ තාක්ෂණයට කලාවද එකතු තිරීම සුදුසු බවයි.

 ශ්‍රී ලාංකික පාසල් අධ්‍යාපනයේ දී  STEM අධ්‍යාපනය වැදගත් වන ආකාරය

ජපානය, දකුණු කොරියාව සහ ෆින්ලන්තය ඇතුළු ස්කැන්ඩිනේවියානු රටවල් STEM අංශ  1990 දශකයේම තම රටවල විෂය නිර්දේශ තුළ අන්තර්ගත කිරීමෙන් තමන්ගේ ශ්‍රම බලකාය ඉතා උසස් මට්ටමකට ගෙනඑ්මට සමත් වී ඇත. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල මෙන්ම දියුණු රටවල ද පවතින ආර්ථික සහ සමාජයීය ගැටලු නිරාකරණයට STEM  අධ්‍යාපනය සාර්ථක විකල්පයකි.මේ අනුව ශ්‍රී ලාංකේය අධ්‍යාපන පද්ධතියට සමෝධානිකව STEAM අධ්‍යාපනය හදුන්වාදීම වැදගත් වේ.‍

ගුරු වෘත්තීය සංවර්ධනය සහ STEAM අධ්‍යාපනය

ලෝකයේ STEM අධ්‍යාපනය ක්‍රියාත්මක රටවල මුලික ගැටළුව වී ඇත්තේ ගුරුවරුන් ගේ වෘත්තීය සංවර්ධනය සදහා අවධානය යොමු නොවීමයි. STEM අධ්‍යාපනය සාර්ථක වීමට නම් ගණිතය සහ විද්‍යාව ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය මගින් විෂය දැනුම සහ කුසලතා නැංවිය යුතුය.  ගුරුවරුන් ප්‍රමාණවත් පරිදි සූදානම් නොවීම සහ ප්‍රමාණවත් පරිදි වෘත්තීය සංවර්ධනයක් නොවීම නිසා සිසුන් අවශ්‍ය සාධන මට්ටම කරා නොපැමිණෙන බව පෙනී ගොස් ඇත.

STEM අධ්‍යාපනයේ ප්‍රධාන අංග හතර ලෙස පවතින්නේ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතයයි.  සමෝධානිකව STEM  අධ්‍යාපනය ලබා දීමෙ දී ගුරුවරුන් ගණිතය සහ විද්‍යාව පිළිබදව අවධානය යොමු කළ ද තාක්ෂණය සහ ඉංජිනේරු විද්‍යාව පිළිබද දැනුම සීමිත බව පැහැදිළි වේ.බොහෝ ගුරුවරුන් තාක්ෂණය යනුවෙන් අදහස් කරන්නේ “C_O_M_P_U_T_E_R_S” යන්නයි. නමුත් තාක්ෂණය ජීව තාක්ෂණය, වෛද්‍ය තාක්ෂණ්‍යය, ඉදිකිරීම් තාක්ෂණය, විද්‍යුත් තාක්ෂණය , වැනි විශාල විෂය පතයක් ඔස්සේ පැතිරීයන මාතෘකාවකි.

ශ්‍රී ලාංකේය අධ්‍යාපන පද්ධතියට STEAM අධ්‍යාපනය හදුන්වා දෙනවා නම් අපද වඩාත් අවධානය යොමු කළයුත්තේ ගුරුවරයා සම්බන්ධවයි. එයට හේතුව පාසල් පද්ධතියට දැනුම සම්ප්‍රේෂණය කිරීම සදහා අදට ද ශ්‍රී ලාංකේය අධ්‍යාපන පද්ධතියේ ප්‍රධාන සාධකය වන්නේ ගුරුවරයා ය. මේ අනුව පද්ධතියේ සේවයේ නියුතු සියලු ම ගුරුවරුන් STEAM අධ්‍යාපනය සම්බන්ධයෙන් බලවන්ත කළ යුතු ය. ගුරුවරුන් බලවන්ත කිරීම යනු ගුරුවරුන් සතු පාසල පිළිබද ප්‍රවීණතාව සහ වෘත්තීය ආධිපත්‍ය පළල් කිරීමකි. නමුත් ගුරුවරයා වැඩිහිටි ඉගනුම් ලාභියෙකි.මේ නිසා ගුරු ඉගනුම ශිෂ්‍ය ඉගනුමට වඩා වෙනස්ය. වැඩිහිටි ඉගනුම (andragogy) යන පදය මගින් අදහස් කරනුයේ වැඩිහිටියන්ට ඉගනගැනීමට උදවු කරන කලාව හා විද්‍යාවයි. මේ නිසා ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය සදහා ක්‍රමාණුකූල වැඩ පිළිවෙලක් STEAM අධ්‍යාපනය සම්බන්ධයෙන්ද අවශ්‍ය වේ.

පාසල ස්ටීම් (STEAM) ප්‍රවේශයට යොමු වන විට මතු වන ප්‍රශ්නයක් තිබේ. එනම් කුමන ගුරුවරුන්  ස්ටීම් ගුරුවරුන් වන බව ද යන්නයි. විද්‍යා ගුරුවරයා හෝ චිත්‍ර ගුරුවරයා හෝ පමණක් ස්ටීම් ගුරුවරු නො වෙති. සියලු ගුරුවරුන් මේ ප්‍රවේශයෙන් ඉගැන්වීම් ඉගෙනුම් ක්‍රියාවලියට පිවිසීමට සමත් විය යුතු ය. ස්ටීම් ප්‍රවේශයට ආවේණික ගුණාංගයක් වන්නේ ද මෙයයි. STEM යනුවෙන් මුල දී හැඳින්වුණු ස්වාභාවික විද්‍යාවන්ට සීමා වූ සංකල්පය, STEAM ලෙස වෙනස් වීමේ දී වූ ස්වාභාවික විද්‍යා සහ සමාජ විද්‍යා විෂය සමෝධානය (Integration) මෙන් ම ගුරු භූමිකාව ඉටු කිරීමේ දී විය යුතු විවිධ විෂය අතර සමොධානය ද මෙමගින් අවධාරණය වේ. 

ස්ටීම් යන්න යම් සුවිශේෂී පනිත්කාමර අවස්ථාවකට පමණක් සීමා නො වේ. එය සමස්ත පන්තිකාමර ක්‍රියාවලියට අදාළ වුව හොත් විෂය සමෝධානය සාර්ථක ව ඉටු වේ. සමහර විට පාසලක ස්ටීම් ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත කාලයක් සහ පාඨමාලා කොටසක් ද ගුරුවරුන් ද වෙන් කර තිබෙන්නට පුඵවන. මෙය ආරම්භයක් ලෙස උචිත ය. එහෙත් අනාගත ඉලක්කය විය යුත්තේ සමස්ත පාසල් ක්‍රියාකාරිත්වය, මේ පදනම මත ක්‍රියාත්මක කිරීම ය.

 

Comments

Popular posts from this blog