පූර්ව ළමා සංවර්ධනය සඳහා ආරයේ බලපෑම
ජීවීන්ගේ
ගති ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට උරුම කරවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය ආරයයි. ආරමය ගුණාංග මව සහ පියාගේ ජාන සම්බන්ධවීම මත තීරණය වේ.
දරුවෙකුගේ වර්ධනය ආරම්භ වන්නේ පිරිමි ප්‍රජනක සෛලය හෝ
ශුක්‍රාණුව කාන්තා ප්‍රජනක සෛලයේ හෝ ඩිම්බයේ ආරක්ෂිත පිටත පටලය විනිවිද යන විටය.
අපේ ශරීරයේ සෑම සෛලයක ම න්‍යෂ්ටියෙහි යුගල 23 ක්
වශයෙන් සකස් වූ වර්ණදේහ 46 ක් අඩංගු වේ. මෙම වර්ණදේහවල ජාන අඩංගු වන අතර ජාන සෑදී ඇත්තේ DNA (deoxyribonucleic acid) ලෙස හැඳින්වෙන රසායනික ව්‍යුහයකින් වන අතර එහි ප්‍රවේණි කේතය හෝ උපදෙස් අඩංගු වේ. එක් එක් වර්ණදේහයක් තුළ ජාන 20,000 පමණ ඇත. ශුක්‍රාණුවක සහ ඩිම්බයක ද
න්‍යෂ්ටියේ
වර්ණදේහ අඩංගු වන අතර ඒවා මිනිස් ජීවිතය
සඳහා සැලැස්මක් ලෙස ක්‍රියා කරයි.
ශුක්‍රාණු සහ ඩිම්බ හැර ශරීරයේ සියලුම සෛල වර්ණදේහ 46 ක් අඩංගු වේ. එහෙත් එක් එක් ශුක්‍රාණුවේ
සහ ඩිම්බයේ අඩංගු වන්නේ වර්ණදේහ 23 ක් පමණි. මෙම සෛල දෙක හමු වූ
විට, එහි ප්‍රතිඵලයක් වශයෙන් නව ජීවියා තුල නි වර්ණදේහ 46 ක් ඇති බව සහතික
කරයි.
එසේනම් දෙමව්පියන් දෙදෙනාගෙන්ම ලැබෙන
ප්‍රවේණික උපදෙස් දරුවෙකුගේ වර්ධනයට සහ ඔවුන් සතු ගතිලක්ෂණවලට හරියටම බලපාන්නේ
කෙසේද? මෙය සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීම සඳහා , මුලින්ම දරුවාගේ ජානමය උරුමය සහ එම
ජානවල සැබෑ ප්‍රකාශනය අතර වෙනස හඳුනා ගැනීම වැදගත්
වේ.
Genotype
යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකුට උරුම වී ඇති සියලුම ජානයි. ෆීනෝටයිප් phenotype
යනු මෙම ජාන සැබවින්ම ප්‍රකාශ වන ආකාරයයි.
ඇස්වල උස සහ වර් ණය වැනි භෞතික ලක්ෂණ මෙන්ම ලැජ්ජාව සහ බාහිරභාවය
වැනි භෞතික නොවන ලක්ෂණ ද ආරයෙන් උරුමවන ලක්ෂනවලටඇතුළත් විය හැකිය. භෞතික ලක්ෂණ සඳහා උස, ශරීර ව්‍යුහය,ශරීරයේ විවිධ කොටස්වල හැඩතල, හෘදයාබාධ, දියවැඩියාව, තට්ටය,ඇදුම වැනි ලෙඩ රෝග ද මානසික සහ චිත්තවේගීය ලක්ෂණ වන්නේ බුද්ධිය, මතකය,සංගීතය, කලාව, සාහිත්‍යය, නැටුම් ආදියෙහි බලය, රුචිකත්වයන් සහ දක්ෂතා , කුරිරු ස්වභාවය, සිසිල් ස්වභාවය, ආදිය මෙම ගති ලක්ෂණ යටතට පැමිණේ.
ඔබේ ප්‍රවේණි වර්ගය දරුවන් හැදී
වැඩෙන ආකාරය සඳහා සැලැස්මක් නියෝජනය කරන අතර, ජාන සංයෝජණය වී ඇති ආකාරය අනුව මෙම ලක්ෂණ
ප්‍රකාශ
වන්නේ කෙසේද යන්න තීරණය වේ. එකම බ්ලූප්‍රින්ට්
එකට ගොඩනගන ලද විවිධ නිවාස
ඉතා සමාන පෙනුමක් ඇති නමුත් ඉදිකිරීම් වලදී භාවිතා කරන ද්‍රව්‍ය සහ වර්ණ
තේරීම් මත පදනම්ව වැදගත් වෙනස්කම් ඒවායේ
ඇත. මේ ආකාරයට එකම දෙමාපියන් දෙදෙනෙකුගේ
වුවද දරුවන් අතර වෙනස්කම් පවතී.
ජානයක් මගින් ලක්ෂණප්‍රකාශ කරන්නේද නැද්ද යන්න ,ජානය
අනෙකුත් ජාන සමඟ අන්තර්ක්‍රියා කිරීම සහ ප්‍රවේණි වර්ගය සහ පරිසරය අතර අඛණ්ඩ අන්තර්ක්‍රියාව මත තීරණය වේ.
- ජානමය අන්තර්ක්‍රියා:
ජානවල සමහර විට පරස්පර තොරතුරු අඩංගු විය හැකි අතර, බොහෝ අවස්ථාවලදී, එක් ජානයක් ආධිපත්‍යය සඳහා වන සටන ජය ගනී. ඒම ජාන ප්‍රමුඛ වන අතර ලක්ෂන සඳහා අදාල වේ. සමහර ජාන නිලීන ආකාරයෙන් ක්‍රියා කරයි. නිදසුනක් වශයෙන්, දරුවෙකුට උස දෙමාපියෙකු සහ එක් මිටි දෙමාපියෙකු සිටී නම්, දරුවා සාමාන්‍ය උසකින් යුක්ත විය හැකිය. එනම් වෙනස බෙදීමට ඉඩ ඇත. වෙනත් අවස්ථාවල දී, සමහර ජාන ප්‍රමුඛ -නිලීන රටාවක් අනුගමනය කරයි. අක්ෂි වර්ණය සඳහා අඳාල ජාන යුගල ප්‍රමුඛ-නිලීන ජාන සඳහා එක් උදාහරණයකි. දුඹුරු ඇස් සඳහා ජානය ප්‍රමුඛ වන අතර නිල් ඇස් සඳහා ජානය නිලීන වේ. එක් දෙමාපියෙක් දුඹුරු ඇස්වල ප්‍රමුඛ ජානයක් ලබා දෙන අතර අනෙකා නිලීන නිල් අක්ෂි ජානයක් ලබා දෙන්නේ නම්, ප්‍රමුඛ ජානය ජය ගන්නා අතර දරුවාට දුඹුරු ඇස් ලැබෙනු ඇත.
- ජාන-පරිසර අන්තර්ක්‍රියා: දරුවෙකුගේ ගර්භාෂය තුළ සහ ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය
පුරාම නිරාවරණය වන පරිසරය ජාන ප්‍රකාශ කරන ආකාරය කෙරෙහි ද බලපෑම් කළ හැකිය.
නිදසුනක් වශයෙන්, ගර්භාෂයේ සිටියදී හානිකර ඖෂධවලට නිරාවරණය වීමෙන් පසුකාලීන
දරුවාගේ වර්ධනයට බලපෑමක් ඇති කළ
හැකිය. උස යනු පාරිසරික සාධක මගින් බලපෑම් කළ හැකි ජානමය ලක්ෂණයකට හොඳ උදාහරණයකි.
ජාන කේතය උස සඳහා උපදෙස් ලබා දිය හැකි අතර , දරුවාට දුර්වල පෝෂණය හෝ නිදන්ගත
රෝග තිබේ නම්, මෙම උස ප්‍රකාශනය යටපත් විය හැකිය.
ප්‍රවේණික උපදෙස් සමහර අවස්ථාවලදී මඟ හැරිය හැක. සමහර විට ශුක්‍රාණුවක්
හෝ ඩිම්බයක් සෑදෙන විට, වර්ණදේහ සංඛ්‍යාව අසමාන ලෙස බෙදිය හැකි අතර, එමගින්
ජීවියාගේ සාමාන්‍ය වර්ණදේහ 23ට වඩා අඩු හෝ වැඩි වීම සිදුවේ. මෙම අසාමාන්‍ය සෛල
වලින් එකක් සාමාන්‍ය සෛලයක් සමඟ සම්බන්ධ වූ විට, ප්‍රතිඵලයක් ලෙස ලැබෙන යුක්තානුවේ අසමාන වර්ණදේහ
සංඛ්‍යාවක් ඇත.
පර්යේෂකයන් යෝජනා කරන්නේ සෑදෙන
සියලුම යුක්තානු වලින් අඩක් පමණ වර්ණදේහ 23 කට වඩා
අඩු හෝ වැඩි ප්‍රමාණයක් ඇති නමුත් මේවායින් බොහොමයක් ස්වයංසිද්ධව ගබ්සා වන අතර
කිසි විටෙකත් පූර්ණ කාලීන දරුවෙකු බවට වර්ධනය නොවන බවයි.
සමහර අවස්ථාවලදී, ළදරුවන් අසාමාන්‍ය වර්ණදේහ සංඛ්‍යාවක් සමඟ උපත ලබයි. සෑම අවස්ථාවකදීම, ප්‍රතිඵලය වන්නේ කැපී පෙනෙන ලක්ෂණ
සමූහයක් සහිත යම් ආකාරයක සින්ඩ්රෝම් වර්ගයකි.
දරුවකුගේ ලිංගය තීරණය වන්නේ ලිංග වර්ණදේහ මගිනි. සෛලයක පිහිටය වර්ණදේහ යුගල 23 න් එක යුගලක් පමණක් ලිංග නිර්ණයට දායක වේ. සත්‍රී ලිංග වර්ණ දේහය XX ලෙස ද පුරුෂ ලිංග වර්ණදේහය XY ලෙස ද හදුන්වනු ලැබේ.
අතිමහත් බහුතරය , පිරිමි සහ ගැහැණු
යන දෙඅංශයයේම, අවම වශයෙන් එක් X වර්ණදේහයක් ඇත.
සමහර අවස්ථාවල දී, සෑම උපත් 500 කින් 1 ක් පමණ, අතුරුදහන් වූ X වර්ණදේහයක් හෝ
අතිරේක ලිංගික වර්ණදේහයක් සමඟින් දරුවන් උපත ලබයි. ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝමය, ෆ්‍රැජිල්
එක්ස් සින්ඩ්‍රෝමය සහ ටර්නර් සින්ඩ්‍රෝමය (
Klinefelter
syndrome, Fragile X syndrome, and Turner syndrome)
ලිංගික වර්ණදේහ සම්බන්ධ අසාමාන්‍යතා සඳහා උදාහරණ වේ.
ක්ලයින්ෆෙල්ටර්ගේ සින්ඩ්‍රෝමය අමතර X
වර්ණදේහයක් නිසා ඇති වන අතර ද්විතියික ලිංගික ලක්ෂණ වර්ධනය නොවීම මෙන්ම ඉගෙනීමේ
දුර්වලතා මේ මගින් සංලක්ෂිත වේ.
බිඳෙනසුලු X සින්ඩ්‍රෝමය(Fragile X syndrome) ඇති වන්නේ X වර්ණදේහයේ කොටසක් අනෙකුත් වර්ණදේහවලට සම්බන්ධ වූ විට එය කැඩී යාමේ අවදානමක් ඇති බව පෙනේ. එය පිරිමි සහ ගැහැණු යන දෙකටම බලපාන නමුත් බලපෑම වෙනස් විය හැකිය. බිඳෙනසුලු X (Fragile X syndrome) ඇති සමහරක් රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කරන අතර අනෙක් අය මෘදු සිට දරුණු බුද්ධිමය ආබාධිතභාවය දක්වා පෙන්නුම් කරයි.
ටර්නර් සින්ඩ්‍රෝමය (Turner syndrome) ඇති වන්නේ එක් ලිංගික වර්ණදේහයක් (X වර්ණදේහයක්) පමණක් පවතින විටය. එය කාන්තාවන්ට පමණක් බලපාන අතර මිටි හෝ උස, ඇලුන බෙල්ලක් සහ ද්විතියික ලිංගික ලක්ෂණ නොමැතිකම ඇති විය හැක. ටර්නර් සින්ඩ්‍රෝමය හා සම්බන්ධ මනෝවිද්‍යාත්මක දුර්වලතා අතරට ඉගෙනීමේ ආබාධ සහ මුහුණේ ඉරියව් තුළින් ප්‍රකාශ වන හැඟීම් හඳුනා ගැනීමේ අපහසුතා ඇතුළත් වේ . වඩාත් සුලභ වර්ණදේහ ආබාධය ට්‍රයිසෝමි 21 (trisomy 21) හෝ ඩවුන් සින්ඩ්‍රෝමය ලෙස හැඳින්වේ. මෙම අවස්ථාවේ දී, දරුවාට සාමාන්‍ය වර්ණදේහ දෙකක් වෙනුවට 21 වන වර්ණදේහයේ ස්ථානයේ වර්ණදේහ තුනක් ඇත.
ඩවුන් සින්ඩ්‍රෝමය රවුම් මුහුණක්,
බෑවුම් සහිත ඇස් සහ ඝන දිව ඇතුළු මුහුණේ ලක්ෂණ වලින් සංලක්ෂිත වේ. ඩවුන් සින්ඩ්‍රෝමය
ඇති පුද්ගලයින්ට හෘද දෝෂ සහ ශ්‍රවණාබාධ ඇතුළු අනෙකුත් ශාරීරික ගැටළු වලටද මුහුණ
දිය හැක. ඩවුන් සින්ඩ්‍රෝමය ඇති සියලුම පුද්ගලයින්ට යම් ආකාරයක බුද්ධිමය දුර්වලතා
අත්විඳිය හැකි නමුත් නිශ්චිත බරපතලකම
වෙනස් විය හැකිය.
පැහැදිලිවම, දරුවාගේ වර්ධනයට ජානමය
බලපෑම් විශාල බලපෑමක් ඇති කරයි. කෙසේ වෙතත්, ජාන විද්‍යාව යනු දරුවෙකුගේ ජීවිතය
සකස් කරන සංකීර්ණ ප්‍රහේලිකාවේ එක් කොටසක් පමණක් බව මතක තබා ගැනීම වැදගත්ය.
දෙමාපියන්, සංස්කෘතිය, අධ්‍යාපනය සහ සමාජ සම්බන්ධතා ඇතුළු පාරිසරික විචල්‍යයන්ද
වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
Comments
Post a Comment